මතභේදයට තුඩු දී ඇති පුරවැසිභාවය පිළිබඳ නීතියක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබේ.

මුස්ලිම් නොවන පාකිස්තාන, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන සුළු ජාතීන්ට ඉන්දීය පුරවැසිභාවය ඉල්ලීමට අවස්ථාව ලබාදීම එමගින් යෝජිත මෙම පනත 2019 වසරේදී සම්මත වූ අතර එය මුස්ලිම් විරෝධී බව සඳහන් කරමින් මුස්ලිම් ප්‍රජාව ඊට ප්‍රබල විරෝධයක් එල්ල කළේය.

ඊට එරෙහිව රටපුරා විරෝධතා ආරම්භ වූ අතර එහිදී කිහිපදෙනෙකු මියගොස් තිබුණි.

කෙසේ නමුත් අදාළ රටවල පීඩාවට පත්ව වෙසෙන සුළුතර හින්දු, සික්, බෞද්ධ, ජෛන, පාර්සි සහ ක්‍රිස්තියානි භක්තිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙය වහාම ක්‍රියාවට නංවන බව ඉන්දීය රජය අවධාරණය කරයි.

මෙම නීතිය අදාළ වන්නේ 2014 වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර ඉන්දියාවට පැමිණි සුළු ජාතිකයින් සඳහා පමණි.

කෙසේවෙතත් මෙම නව නීතිය ක්‍රියාවට නැංවෙන දිනය තවමත් ප්‍රකාශයට පත්කර නැත.

එහෙත් ඉන්දීය පුරවැසිභාවය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමට හැකිවන පරිදි පහසුකම් සපයා ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.

 

WhatsApp Group

Skip to content