ඉන්දියාවේ බුකීකරුවකු වන සෞරබ් චන්ද්‍රකාර් සහ රවී උත්පාල් නම් ඔහු ගේ සහායකයා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

සෞරබ් චන්ද්‍රකාර් නම් පුද්ගලයා ඉන්දියාවේ පාතාල නායකයකු වන ඩේවුඩ් ඉබ්‍රාහිම් ගේ උපකාර සහිතව අන්තර්ජාලයේ නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති බවයි ඉන්දීය පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ .

ඉන්දියාවේ පැවැත්වූ මැතිවරණ සඳහා මෙන්ම ක්‍රිකට් , බැඩ්මිටන් , පෝකර් සහ පාපන්දු වැනි ක්‍රීඩා තරඟ සඳහා ඔට්ටු ඇල්ලීමට මෙම වෙබ් අඩවිය උපයෝගී යොදා ගෙන තිබුණා .

කෙසේ වෙතත් මෙරට බලධාරීන් විසින් ඔවුන් දෙදෙනාව ඉන්දියාවට පිටුවහල් කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා .

 

WhatsApp Group

Skip to content