ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලියින් 19 දෙනෙකු එයින් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවෙකුද වන බව එරට පොලිසිය පවසනවා.

බස්රථයක් බිහාර් සිට දිල්ලි දක්වා ධාවනය වෙමින් තිබියදී ලක්නව් ආග්‍රා අධිවේගී මාර්ගයේ පිටුපසින් පැමිණි කිරි ප්‍රවාහනය කළ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content