ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් 100කට ආසන්න සංඛ්‍යාවක බෝම්බ තර්ජන සහිත විද්‍යුත් තැපැල් පණිවුඩ ලැබීමෙන් දැඩි නොසන්සුන්තාවක් හටගත් බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර තිබේ.

ඊයේ අලුයම 4.00ට පමණ එම පණිවුඩ සියලුම පාසල්වල නිල විද්‍යුත් තැපෑලට ලැබී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

බෝම්බ තර්ජනය හේතුවෙන් දහස් සංඛ්‍යාත සිසුසිසුවියන් කළබලයට පත් වී ඇති අතර, ඔවුන්ගේ මාපියන් පාසල්වලට පැමිණීමෙන් ප්‍රදේශය පුරා නොසන්සුන්තාව ඉහළ ගිය බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

WhatsApp Group

Skip to content