ඉන්දියාවේ මිසොරොන් ප්‍රදේශයේ ස්ථානයක ඉදිකෙරමින් පැවති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සුන්බුන් අතර සිර වී ඇති තවත් පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අනතුර සිදු වන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 40 කට අධික පිරිසක් සිට ඇති බවද සදහන්.

මියගිය පිරිසට ඉන්දීය රුපියල් ලක්ෂ 2 බැගින් සහ තුවාල ලැබූවන්ට ඉන්දීය රුපියල් 50,000 බැගින් ලබා දෙන ලෙසයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අදාළ බලධාරින්ට උපදෙස් දී ඇත්තේ.

 

WhatsApp Group

Skip to content