නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ බිහිසුණු දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 300 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 850 දෙනෙකු අනතුරින් තුවාල ලබා ඇති බවයි.

මෙම දුම්රිය අනතුරත් සමඟ දුම්රිය ගමන් වාර 43 ක් අවලංගු කර ඇති අතර, තවත් 38 ක ධාවන වාර වෙනස් කර තිබෙනවා.

මෙම බිහිසුණු දුම්රිය අනතුර හේතුවෙන් ඔඩීෂා මහ ඇමති නවීන් පට්නායික් ප්‍රාන්තය තුළ එක්දින ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content