ගිණිකොණ දිග ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 13 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකා පටිනම් සිට ඔඩිසා ප්‍රාන්තයේ රයාගඩා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේදී ඉදිරියෙන් පැමිණි දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුර සංඥා නොදැකීම හේතුවෙන් සිදු ව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මීට මාස 4 කට පෙර ද ඉන්දියාවේ ඔඩිසා හිදි දුම්රියන් 2 ක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 275 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 1000 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

 

WhatsApp Group

Skip to content