ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂය පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

විශාකාපට්නම් සිට පලාසා දක්වා ධාවනය වූ විශේෂ මගී දුම්රියක විශාකාපට්නම් සිට රයගාදා දක්වා ධාවනය වූ මගී දුම්රියක් ගැටී අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුර සංඥා නොදැකීම හේතුවෙන් සිදුව ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content