ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් වාර්තා වූ ජේ එන් 1 නමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය තවත් රටවල් කිහිපයක පැතිරයාමේ අවදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

සිංගප්පූරුවේ සහ අමෙරිකාවේද ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මේ වනවිට අමෙරිකාවේ කොවිඩ් 19 ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර එය නව ප්‍රභේදය වන බවයි එරට වසංගත රෝග පාලන ව්‍යාප්තිය වැළැක්වීමේ මධ්‍යස්ථානය තහවුරු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content