2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 45 වන තරගය මේ වන විට සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙනවා .තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාව තීරණය කලේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක් පමනක් දැවී ලකුණු 410 ක් ලබා ගත්තා.

එහිදී ශේයර්ස් අයියර් නොදැවී පන්දු 94 කින් ලකුණු 128 ක් රැස් කල අතර කේ .එල් රාහුල් ලබා ගත් ලකුණු සංඛාව 102 ක්.

පන්දු යැවීමේදී බැස් ද ලීඩ් ලකුණු 82 කට කඩුළු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

මේ අනුව ඉන්දියාවේ බෙන්ගලුරු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය ජය ගැනීම සදහා නෙදර්ලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 411 ක්.

WhatsApp Group

Skip to content