ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට ළඟා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, එම බිත්තර තොගයට ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි.

එම බිත්තර තොගය ද අනුමැතිය ලැබීමෙන් පසු බේකරි නිෂ්පාදන හා හෝටල් සඳහා නිකුත් කිරීමට නියමිතව ඇතැයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පැවසුවා.

එම සංස්ථාව සඳහන් කළේ, මීට පෙර ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 2 මේ වනවිට හෝටල් හා බේකරි නිෂ්පාදන සඳහා නිකුත් කරමින් ඇති බවයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කල බිත්තර පරිභෝජනය සඳහා නොගන්නැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ ජෙෂ්ට උපදේශක මාතලී ජයසේකර මහතා සඳහන් කරන්නේ එම බිත්තර පරිභෝජනයට ගන්නා අවස්තාව දක්වා බිත්තර ශීතාගාර තුල තැන්පත් කර තිබිය යුතු බවයි.

එසේ නොමැතිව එම බිත්තර කාමර උෂ්ණත්වයේ තැබුවහොත් පැය 72ක් ඇතුලත නරක් වන බවද ඔහු සඳහන් කලා.

https://www.vnews.lk/storage/2023/04/MATHALI-JAYASEKARA-EDIT.mp3?_=1

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සබාපති උපුල් රෝහණ මහතා සදහන් කලේ ඉන්දියාවෙන් ආනයනය කල බිත්තර මගින් මහජනතවගේ සෞඛ්‍යට බලපෑම් වන කිසිවක් හදුනාගෙන නොමැති බවයි .

https://www.vnews.lk/storage/2023/04/UPUL-ROHANA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content