යාපනය කන්කසන්තුරේ සිට ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් අප්‍රේල් මස 29 වන දා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සදහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීමේ කටයුතු මේ වන විට අරම්භ කර තිබෙන බවයි වරාය, නාවිකා හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඕනෑම ව්‍යාපාරිකයෙකුට මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවය විවෘත බවද අමාත්‍යවරයා සදහන් කළා.

මෙම යාත්‍රාවේ ගමන් වාරයකට ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් 50 ක් බවද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content