2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති 08 වැනි තරඟයෙන් කඩුලු 08ක ජයක් වාර්තාකිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 96ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ගැරෙත් ඩිලේනි පන්දු 14දී ලකුණු 26ක් රැස් කළා.

පන්දු යැවීමේදී හර්ඩික් පාන්ඩ්‍යා ලකුණු 27ට කඩුලු 03ක් බිඳ හෙලූ අතර, අර්ශදීප් සිං සහ ජස්ප්‍රිට් බුම්රාහ් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 97ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

එහිදී රෝහිට් ෂර්මා ලකුණු 52ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 36ක් රැස් කළා.

WhatsApp Group

Skip to content