2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් අමෙරිකානු කණ්ඩායම පරාජය කරමින් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 110ක් රැස් කළා.
එහිදී නිතීෂ් කුමාර් ලකුණු 27ක් සහ ස්ටීවන් ටේලර් ලකුණු 24ක් රැස් කිරීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී අර්ෂදීප් සිං ලකුණු 09ට කඩුලු 4ක් බිඳ හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 111ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී සූරියකුමාර් යාදව් නොදැවී ලකුණු 50ක් සහ ශිවම් ඩුබේ නොදැවී ලකුණු 31ක් රැස් කිරීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content