23 වන ඉන්දියානු සාගර කලාපීය සංගමයේ අමාත්‍ය මණ්ඩල සංවාදය මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔක්තෝම්බර් මස 11 වන දා මෙම සංවාදය පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමිව විදෙස් නියෝජිතයින් එළඹෙන සතියේදී මෙරටට පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ.

මේ සදහා බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, මැලේසියාව මෙන්ම රටවල් 16 ක නියෝජිතයින් මෙම සංවාදය සදහා සහභාගි වීමට නියමිතයි.

එහිදි ඉන්දියානු සාගර කලාපීය සංගමයේ වත්මන් සභාපති ධුරයේ කටයුතු කරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට විදේශ අමාත්‍යවරයා වෙත සභාපති ධුරය පිරිනැමීමට නියමිතව ඇති බව සදහන්.

ඒ අනුව මෙම වසරේ සිට 2025 වසර දක්වා කාලය සදහා ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපීය සංගමයේ සභාපතීත්වය දරණු ඇති.

WhatsApp Group

Skip to content