ඉන්දියානු ධීවර යාත්‍රා නීතිවිරෝධිව මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමෙන් විසදා ගතයුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.

ධීවර කටයුතු පිළිබද අමාත්‍යංශීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

අදාළ කාරක සභාවේදී නීති විරෝධිව මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව අවධානයට යොමු කර තිබෙනවා.

එහිදී නාවික හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාරක සභාව මගින් ලබා දී ඇති උපදෙස් මත නීති විරෝධිව මෙරට මුහුදු සීමාවට ඇතුළුවන ධීවරයින් අත්අඩංගුවට ගැනීම් ප්‍රමානය වැඩි කර ඇති බවයි.

එමෙන්ම නීතිවිරෝධිව මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා ප්‍රමානය මේ වන විට අඩු වී ඇති බව ද නාවික හමුදා නිලධාරීන් අදාල කාරක සභාවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content