ආයුෂ්මාන් භාරත් ජාතික රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 70 ට සහ වැඩි සැමට සෞඛ්‍ය ආවරණයක් ලබා දීමට ඉන්දියාවේ මධ්‍ය රජය විසින් අනුමත කර තිබෙනවා.

මේ අනුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෝටි හයක් සහිත පවුල් කෝටි 4.5කට මෙසේ ප්‍රතිලාභ ලබා දෙන බවයි එරට මධ්‍යම කැබිනට් මණ්ඩලය සඳහන් කර ඇත්තේ.

මෙම අනුමැතිය අනුව, වයස අවුරුදු 70 සහ ඊට වැඩි සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය නොසලකා අදාළ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා.

WhatsApp Group

Skip to content