ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ කොළඹ, රත්නපුර, ත්‍රිකුණාමලය හා මොනරාගල දිස්ත්‍රික්ක වල මේ ගම්මාන ඉදිකර ඇති බවයි.

ඉන්දියානු රජයේ ආධාර මත මෙම ගම්මාන 7 ඉදිකර තිබෙනවා.

මීට අමතරව තවත් ගම්මාන 90ක නිවාස 1,668ක ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස ගණන 732කි.

WhatsApp Group

Skip to content