ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා පෙට්්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව ලංකා පෙට්්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 318 ක් වනු ඇති බව සදහන්.

මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක් ද රුපියල් 50 කින් අඩු කරනු ලැබුවා.

එමෙන්ම ලංකා සුපර් ඩීසල් වල මිල රුපියල් 10 කින් ඉහළ දැමුනා.

මේ අතර රජය විසින් ඉන්ධන මිල අඩු වැඩි කිරීම මත ත්‍රීරෝද රථ ගාස්තු පිළිබදව තීරණය කළ නොහැකි බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසනවා.

ආණ්ඩුව මැදිහත් වී ගාස්තු සමාලෝචන කමිටුවක් මගින් ත්‍රීරෝද රථ ගාස්තු පිළිබදව නිශ්චිත තීරණයකට එළඹිය යුතු බවයි එම සංගමය පවසන්නේ.

https://www.vnews.lk/storage/2023/06/LALITH-DARMASEKARA-EDIT.mp3?_=1

මේ ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාව දැක් වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/06/JANATHAAWA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content