ඉදිරි මාස තුන තුළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් මාර්ගත ක්‍රමය ඔස්සේම සිදු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .
මෙම මාර්ගගත ක්‍රමය හෙවත් ඊ-මෝටරින් ව්‍යාපෘතිය 2017 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කල බවයි අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ .
කුමන මට්ටමක පුද්ගලයකු මේ සදහා විරුද්ද වුවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ ඉදිරි මාස තුනේදී එම ව්‍යාපෘතිය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා .