බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින පීඩන අවපාතනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තීරණාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය ඊයේ රාත්‍රීය වන විට යාපනයේ සිට කිලෝ මීටර 330ක් පමණ ඊසාන දෙසින් ස්ථාන ගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

එය සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී දිවයිනෙන් ඉවතට ගමන් කරන බැවින් මුහුදු ප්‍රදේශ දැඩි ලෙස රළු විය හැකියි.
එම සුළි කුණාටුව අද දිනයේ දී ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරන බවයි කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඉන්පසු එය හෙට දිනය වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා .

මේ හේතුවෙන් ධීවර ජනතාව ධීවර කටයුතුවලින් වලකින ලෙසයි දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content