ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටළු විසදීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට ලබා දිය හැකි විසදුම් පිළිබද සොයා බලා වාර්තා කිරීම එම කමිටුවේ ප්‍රධාන වගකිම බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් වීමත් සමග ලබන වසර වන විට සියලු ක්ෂේත්‍රවල කර්මාන්තකරුවන්ට සහන ලැබෙන ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content