ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා අද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමණිමට නියමිතව තිබෙනවා.
මෙය ඉතිහාසයට එක්වන්නේ ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරතවන පළමු අවස්ථාව ලෙසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුවයි ප්‍රංශ ජනාධිපතිවරයා මෙරට නිල සංචාරයකට එක්වන්නේ.

මෙහිදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී කලාපීය සහ ගෝලිය අභියෝග පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සඳහන් කළේ.

මේ අතර ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඔහු සමග 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණෙන බවයි.

එම දූත පිරිස ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණයට ද එක්වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

 

WhatsApp Group

Skip to content