මෙවර උසස් පෙළ විභාග ප්‍රතිපල මත රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවැත්ම කෙබඳුද යන්න මනා ලෙස දක්වා ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ සියයට දහයක් වූ සිසුන් පිරිසක් මෙවර විභාගයෙන් විෂයන් තුනම අසමත් වී ඇති බවයි.

ඒ අනුව ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් විෂයන් තුනම අසමත් විභාගය මෙය බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

https://www.vnews.lk/storage/2023/09/PRIYANTHA-FERNANDO-EDIT.mp3?_=1

මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා පැවසුවේ මේ වන විට පාසල් තුළ බරපතළ ගුරු හිඟයක් ද පවතින බවයි.

https://www.vnews.lk/storage/2023/09/JOSHAP-STARLING-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content