ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේය.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content