සිය නගරයේ සංස්කෘතික අගයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එහි බලධාරින් කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මොන්ෆල්කෝන් හි 30,000කට වැඩි පිරිසක් සිටින අතර ඔවුන්ගෙන් තුනෙන් එකක් පමණ විදේශිකයන් වන බවත් ඔවුන්ගෙන් බහුතරය බංග්ලාදේශ මුස්ලිම්වරු බවයි.

එම පිරිස ඔවුන් 1990 ගණන්වල යෝධ කෲස් නැව් තැනීම සඳහා මොන්ෆල්කෝන් නගරයට වෙත පැමිණි සංක්‍රමනිකයන්ගෙන් පැවත එන අතර නගරය පාලනය කරන උග්‍ර දක්ෂිණාංශික ලීග් පක්ෂයේ නගරාධිපති ඇනා මරියා සිසින්ට් පවසන්නේ, අදාළ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ වරදට යම් අයෙකු හසු වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව යුරෝ 100 දක්වා වූ දඩ මුදලක් අය කර ගත හැකි බවයි.

තව ද තම නගරය සහ ක්‍රිස්තියානි සාරධර්ම “ආරක්ෂා” කළ යුතු බව පවසන ඇය පවසන්නේ, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා පන්දු භයානක විය හැකි බවත්, සිය නගරය තුළ තණතීරුවක් සෑදීමට ඉඩක් හෝ මුදල් නොමැති බවයි.

WhatsApp Group

Skip to content