ඉතාලියේ ලම්පෙඩුසා දූපතට පැය 24ක් තුළ සංක්‍රමණිකයින් 7000ක් ළඟා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සංක්‍රමණිකන් ටියුනීසියාවේ සිට පැමිණ ඇති බවයි.

එම ප්‍රමාණය ලම්පෙඩුසා දූපතේ සමස්ත ජනගහනයට වඩා දහසකින් පමණ අධික වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම සංක්‍රමණිකයින් පිරිස පැමිණීමත් සමග දූපතේ ජනගහනය දෙගුණයක් බවට පත්ව තිබෙනවා.
මේ හේතුවෙන් උද්ගත වූ කලබලකාරී ස්වාභාවයත් සමග දූපතට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content