ඉතාලියේ එට්නා ගිනි කන්ද සක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ හේතුවෙන් ගිනි කන්ද පිහිටි ප්‍රදේශයේ ඇති සිසිලියේ කැටානියා ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ද සම්පූර්ණයෙන් අවලංගු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් කර ඇත්තේ.

මෙලෙස සක්‍රීය වූ එට්නා ගිනි කන්දෙන් අළු සහ දුමාරය පිටවෙමින් තිබෙන අතර, එම අළු විසිරීම හේතුවෙන් කැටානියා නගරාධිපතිවරයා විසින් පැය 48ක කාලයක් සදහා එම ප්‍රදේශය තුළ යතුරුපැදි සහ බයිසිකල් භාවිතය ද තහනම් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content