ඉඩම් හිමිකම් සින්නක්කරව ජනතාවට ලබාදීම අනාගත ආර්ථිකය වෙනුවෙන් සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා.

ඉඩම් හිමිකම් සින්නක්කර ලෙස ජනතාවට ලබා දීම මගින් ඔවුන්ට ස්වාධීන ආර්ථික ක්‍රියාවලියක නියැලීම සදහා අවස්ථාව හිමිවන බවයි මනුෂ නානායක්කාර මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content