ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රජයේ ඉඩම් ලබා දිය හැකි බව පවසමින් මුදල් ලබා ගැනීමේ වංචනික ක්‍රියාවක නිරතවූ පුද්ගලයන් කණ්ඩායමක් ඊයේ පස්වරුවේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල රිදීගම සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ ජනතාව රවටා මෙලෙස මුදල් ලබා ගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා මාතලේ සහ කුරුණෑගල පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන තිබෙන්නේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යනුවෙන් සඳහන් නාම පුවරුද ප්‍රදර්ශනය කෙරෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටියදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන සිටින එක් පුද්ගලයෙකු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ කාර්යාලයක සේවය කරන රජයේ නිලධාරියෙකු බවටද හඳුනාගෙන තිබෙන බව සදහන්.

WhatsApp Group

Skip to content