යාපනයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 ක ඉඩම් අක්කර 234 ක් වගා කටයුතු සඳහා ගොවින් වෙත නිදහස් කිරීම අද දිනයේදී සිදු වුනා.

අදාළ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 මින් පෙර පැවතියේ යාපනය විශේෂ බලකා මූලස්ථානය සතුවයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ඉඩම් වගා කටයුතු සඳහා ගොවීන් වෙත නිදහස් කර තිබෙනවා.

මීට අමතරව උරුමය ජාතික වැඩසටහන යටතේ යාපනය ඔඩ්ඩකාපුලම් ප්‍රදේශයේ පැවති උත්සවයකදී ලක්ෂ 20 ක සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවා.

පුද්ගලයින් 408 දෙනෙකුට මෙමගින් ප්‍රතිලාභ හිමි වනවා.

WhatsApp Group

Skip to content