කිසියම් ඖෂධ වාර්ගයක් අධිමාත්‍රාවකින් පානය කිරීම හේතුවෙන් දැඩි ලෙස රෝගී වූ තරුණියක් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ විදයා විෂය ධාරාව යටතේ උපාධිය හදාරා මීට මාස දෙකක පමණ ඉහතදී ඉවත්ව ගොස් සිටි 27 හැවිරිදි තරුණියක් පසුගිය දෙවනදා දහවල් කාලයේදී විශ්වවිදයාලයට පැමිණ මෙලෙස කිසියම් ඖෂධයක් අධිමාත්‍රාවකින් පානය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් අදාළ තරුණිය රෝහලට ඇතුළත් කළද එදිනම මියගොස් ඇති බවයි කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල ස්ප්‍රින්වැලි ප්‍රදේශයේ පදිංචි තරුණියක් .

උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේ අදාළ තරුණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලැබූ තරුණයෙකු සමගින් පැවැති ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් මෙලෙස කිසියම් ඖෂධ විශේෂයක් අධිමාත්‍රාවකින් විශ්වවිද්‍යාල භූමිය තුළදී පානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මියගිය තරුණියගේ පශ්චාත් සහ හදිසි මරණ මරණ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි කිරිබත්ගොඩ පොලිසිය කියා සිටියේ.

WhatsApp Group

Skip to content