“සැමට ඉංග්‍රීසි” වැඩසටහනෙන් ඉංග්‍රීසි ගුරුවරු 2,500ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4,441ක් වුවත්, ඒ සඳහා ගුරුවරුන් 6500ක පමණ අවශ්‍යතාවයක් පවතින බවත්, බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විම් පුළුල් කර ඇති බවත් පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයීමකදී හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම් සිදු කරනු ලබන පාසල් 765ක ප්‍රමාණය 2024 වර්ෂය තුළදී පාසල් 1000ක් දක්වා වැඩි කරමින් ගුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරු සංඛ්‍යාව 6500 ක් දක්වා වැඩි කිරීමෙ අරමුණින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

WhatsApp Group

Skip to content