පාකිස්ථානය තුල රැඳී සිටින ඇෆ්ගනිස්ථාන සරණාගතයන්ට ඉවත්වීමට ලබා දුන් කාලය අදින් අවසන් වනවා.

ඒ අනුව මිලියන 1.7ක් වන ඇෆ්ගනිස්ථාන සරණාගතයන්ට පාකිස්ථානයෙන් ඉවත් වන ලෙසට මින් පෙර දැනුම් දී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එම දැනුම්දීමත් සමග පෙරේදා දිනය වන විට ලක්ෂ 2ට ආසන්න ඇෆ්ගනිස්ථානුවන් පාකිස්ථානයෙන් පිටව ගොස් තිබූ අතර, ඊයේ දිනයේදී ඇෆ්ගනිස්ථානුවන් 20,000ක් දේශසීමාව ඔස්සේ පාකිස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අදින් පසුව පාකිස්ථානයේ රැඳී සිටින සියලු ඇෆ්ගනිස්ථාන සරණාගතයන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බවටද පාකිස්ථානය අනතුරු අඟවා තිබෙනවා.

WhatsApp Group

Skip to content