2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය කඩුලු 05කින් ජය ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 244ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 03ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 247ක් ලබා තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අස්මතුල්ලාහ් ඕමර්සායි නොදැවී ලකුණු 97ක් සහ දකුණු අප්‍රිකාව වෙනුවෙන් රසී වැන්ඩර් ඩූසන් නොදැවී ලකුණු 76ක් රැස් කළා.

WhatsApp Group

Skip to content