උතුරු ඇෆ්ගනිස්තානයට බලපෑ ජලගැලීම් ආපදාවලින් 50කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජල ගැලීම්වලට කොටුවූ තවත් 150කට වැඩි පිරිසක් උදව් අපේක්ෂාවෙන් පසුවන බැවින් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති නමුත් පවතින අයහපත් තත්ත්වය හමුවේ මෙහෙයුම් අසීරු වී ඇති බව වාර්තා වෙයි.

ඉන් වැඩිම බලපෑම් එල්ලවූයේ ධාරාණිපාත වැසි ඇදහැලුණු බග්ලාන් කලාපයටය.

WhatsApp Group

Skip to content