ඇෆ්ග­නි­ස්තා­නයේ කන්ද­හාර් පළාතේ බැංකු­වක් අසළ ඊයේ සිදු වූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­ය­කින් පුද්ග­ල­යන් 21 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්ව තවත් විශාල පිරි­සක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බෝම්බ පිපි­රීම සිදු වී ඇත්තේ ඊයේ උදෑ­සන කන්ද­හාර් නගර මධ්‍යයේ පිහිටි බැංකු­වක් අසල බවත්, ප්‍රහා­රයේ වග­කීම මෙතෙක් කිසිදු පාර්ශ්ව­යක් භාර ගෙන නැති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පිපි­රීම සිදු­වන අව­ස්ථා­වේදී තලේ­බාන් සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් රැසක් සිය වැටුප් ලබා ගැනීම සඳහා බැංකුව අසල රැස් වී සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

WhatsApp Group

Skip to content