ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු තරගයේ අවසානය දක්වා තියුණු සටනක් දෙන්නට හැකි වු බව ශ්‍රී ලංකා ක්‍රිඩක චරිත් අසලංක පවසනවා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති පළමු එක්දින තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 06ක ජයක් ලබන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා.

පළමු එක්දින තරගය පරාජය වීමට පිතිකරුවන් සහ පන්දුයවන්නන් වගකිවයුතු බවයි චරිත් අසලංක සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/06/CHARITH-ASALANKA-EDIT.mp3?_=1

මේ අතර දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය හෙට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වෙන්කර ගැනීමට ක්‍රීඩා ලෝලින්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

එමෙන්ම කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන කාර්යලයෙන් ද හෙට තරගයේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි වනවා.

WhatsApp Group

Skip to content