රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

මේ අතර නිල්වලා, ගිං, කළු යන ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

ඒ අනුව එම ගංඟා දෙපස සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

WhatsApp Group

Skip to content