කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍ය කර්මයක් සිදු කළ 35 හැවිරිදි දෙදරු මවක් ශල්‍ය කර්මයෙන් පසු සිහිය නොලබාම මියයාම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

අක්ෂි වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කලේ ඒ සඳහා වෛද්‍යවරුන් 03 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මරණයට හේතුව ඖෂධ හේතුවෙන් ඇති වූ අසාත්මිකතාවක් ද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/PRASAD-KOLAMBAGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content