ඇස්පාටෙම් නම් කෘතිම රසකාරකය හේතුවෙන් පිළිකා කාරක සෛල මිනිස් සිරුර තුළ වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිවේදනය කර තිබෙනවා.

පැණි බීම, අඩු සීනි ආහාර වර්ග මෙන්ම, යෝගට් වර්ග, අයිස් ක්‍රීම්, ජෙලටීන් අඩංගු ආහාර වර්ග, චුයින්ගම්, දත් බෙහෙත් වර්ග මෙන්ම උදැසන ආහාරයට ගන්නා සීරියල් වර්ගවල ද මෙම කෘතිම රසකාරකය අඩංගු බවයි එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.

ලොව ප්‍රමුඛතම සංවිධානයක් කෘතිම රසකාරකයක් සම්බන්ධයෙන් පළමුවරට නිවේදනය කිරීම විශේෂත්වයක් බවටයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

ඇස්පාටෙම් දශක ගණනාවක සිට ආහාර මෙන්ම පැණි බීම සදහා ද භාවිතා කරනු ලබනවා.

කෙසේ වෙතත් අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන ආයතනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කරන ලද නිවේදනය පිළිනොගන්නා බවට ප්‍රකාශ කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content