මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අද සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේ, අද සිට පෙරහැර අවසන් වන තෙක් එම ගමන්වාර ක්‍රියාත්මක බවයි.

තව ද මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය පැවසුව්, ඒ සඳහා බස් රථ 350ක් පමණ ධාවනයට එක්කර ඇති බවයි .

WhatsApp Group

Skip to content