ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා .
බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් රැසක් සිදුව ඇති මෙම පොහෝ දිනය පිලිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන් .

https://www.vnews.lk/storage/2023/08/ASALA-POYA-FEATURE.mp3?_=1

මේ අතර වී එෆ් එම් සාධු නාද වැඩසටහනද අද දිනය පුරා පැවැත්වීමට නියමිතව තිබෙනවා .

ඒ අනුව පෙරවරු 07.00 ට හිමිදිරි ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ පුජ්‍ය මොරටුවේ සුභූතිරතන ස්වාමින්වහන්සේ විසින් .

එමෙන්ම පෙරවරු 08.00 ට ජිවිතයට බුදු දහම ධර්ම සාකච්චාව පුජ්‍ය කිතුල්ගල සමිද්ධි ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබනවා .

පස්වරු 02.00 ට යෙදී ඇති ධර්ම දේශනය පවත්වනු ලබන්නේ පුජ්‍ය බැද්දේවල ධම්මකිත්ති ස්වාමින්වහන්සේ විසිනුයි .

සාධුනාද කාව්‍යමය ධර්ම දේශනය අද පස්වරු 04.00 කලාසූරී දේශකිර්ති , සමන්ත ලේකම්ගේ මහතා සිදු කරනු ලබනවා .

පස්වරු 7.00 ට යෙදී ඇති ගීතයෙන් දහම් වරය වැඩසටහන පුජ්‍ය විලච්චියේ පඤ්ඤාලෝක ස්වාමින්වහන්සේ සමග ප්‍රවීන සිංහල දේශක සචිත් විජේසුරිය මහතා විසින් පැවැත්වීමට නියමිතයි .

 

WhatsApp Group

Skip to content