ස්විට්සර්ලන්තයේ ඇල්ෆ් කදුවැටිය තරණය කිරීමට ගොස් අතුරුදන් වූ ස්කී ක්‍රීඩකයින් 5 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අතුරුදන් වූ තවත් පුද්ගලයෙකු සොයමින් සිටින බවයි එරට බලධාරින් සදහන් කළේ.

පසුගිය සෙනසුරාදා දිනයේ අදාළ කදුවැටිය තරණයට ගොස් සිටි මෙම ක්‍රීඩකයින් 6 දෙනා කදුවැටියෙන් ලිස්සායාමේ පුවතක් වාර්තා වී තිබුණා.

අදාළ ක්‍රීඩකයින් සියලුදෙනාම ස්විට්සර්ලන්ත ජාතිකයින් බවත් ඔවුන් අවුරුදු 21 ත් 58 ත් දක්වා වයස්වල පසුවන්නන් බවත් එරට බලධාරින් වැඩිදුරටත් සදහන් කළා.

 

 

WhatsApp Group

Skip to content