ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නිවසක හදිසී ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න ඇති වන අවස්ථාවේ දී නිවසේ එක් අයෙකු රැඳී සිට ඇති අතර ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ගින්න හේතුවෙන් නිවසේ තිබූ භාණ්ඩ විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනු ලබන බව සදහන්.

WhatsApp Group

Skip to content