ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

පසුගිය 26 වැනිදා ඒ සඳහා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද මීට පෙර කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව, ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට නියමිතයි.

ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය 26 දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content