ඇල්පිටිය ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මරණකාරියගේ මස්සිනා වන බවයි පොලිසිය සදහන් කළේ.

පොලිසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණිය වෙනත් පුද්ගලයෙකු සමග සම්බන්ධකමක් පවත්වාගෙන ගොස් ඇති බැවින් මෙම ඝාතනය සිදුකළ බවටයි.

මේ අනුව ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු එළඹෙන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගැණුනා.

කරන්දෙණිය තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි ගෙල කපා ඝාතනය කළ අදාළ තරුණියගේ මළසිරුර තලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී සොයාගැනුණේ පසුගිය 9 වන දායි.

WhatsApp Group

Skip to content