ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඡන්දය සලකුණු කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඡන්ද නාම ලේඛණය මේ වන විට මැතිවරණ කොමිසම විසින් පරිඝණක ගතකර ඇති බවයි.

එක් පුද්ගලයෙකුට ස්ථාන දෙකකදී ලියාපදිංචි වීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content