ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දින සිදු කරනු ලබනවා.

අද දිනයේදී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන 18 වැනිදා අවස්ථාව ලබා දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කර සිටියේ.

පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප තැන්පත් කර තිබූ නමුත් ඉන් පිළිගත් දේශපාලන පක්ෂ අටක් සහ ස්වාධීන එක් කණ්ඩායමක් පමණක් නාමයෝජනා බාරදී තිබුනා.

ලබන 26 වනදා පැවත්වෙන ඇල්පිටිය ඡන්දයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 17 වනදා සිට 20 වන දා දක්වා බෙදාහැරීම සිදු කිරීමට නියමිත බවද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

WhatsApp Group

Skip to content