2024 මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) කොළඹදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මඟින් මෙම වැඩසටහන් සංවිධානය කර තිබේ.

”ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” තේමා පාඨය කර ගනිමින් පවත්වන මෙවර ජාතික කාන්තා දිනයට සමගාමීව කාන්තාව සවිබල ගැන්වන යෝජනා රැසක් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළාය.

WhatsApp Group

Skip to content